සංඛපිට්ථි පුරාන විහාරය රජ මහා විහාරය

Edit Template
Tusker Kandula

ixLmsgsGs jsydria:dkfha ux., yia;s rdchd

‘කණ්ඩුල’ කියන්නෙ මේ වනවිට හීලෑ අලි ක්ෂේත්‍රය තුළ සිටින කීකරුම , හීලෑම හස්තියෙක් ලෙස සුප්‍රසිද්ධ හස්ති රාජයෙකි.

එහි ගෞරවය අවිවාදයෙන්ම කණ්ඩුලගේ හිටපු හස්තිපාලකතුමන් වන අපේ හේරත් බණ්ඩා හස්තිපාලක තුමා වෙතත් වර්තමානයේ වීරාව රැක බලාගන්නා ඉසුරු හස්තිපාලකතුමා වෙතත් හිමිවිය යුතුයි.

වර්ෂ 1980 දී පමණ ගලහා ප්‍රදේශයේ වනයක් තුළ මැණික් පතලක වැටී අතරමංව සිටියදි ගම්වාසීන්ගේ දැනුම් දීමෙන් අනතුරුව වනජීවී නිළධාරින්ට මුණ ගැසෙන මේ පුංචි අලි පැටවා ඉන් අනතුරුව වන සත්ත්ව නිළධාරීන්ගේ මැදිහත් වීමෙන් පින්නවල අලි අනාථාගාරය වෙත භාර දෙනු ලැබිය.

ඒ වන විට වයස අවුරුදු දෙකක පමණ දඟකාර සුරතලෙකු වූ මේ හස්තියාට ” වීරා” ලෙසින් නම් පටබැදුණු අතර පසුව 1984 වර්ෂයේ දි සම්මාන පෙළපාලියක් පවත්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල රෙජිමේන්තුවේ නිල හස්තියා ලෙසින් පනාගොඩ පාබල හමුදා මූලස්ථානය වෙත පිළිගනු ලැබිණි.

හතරවන ආමි කණ්ඩුල නමින් නම් ප්‍රසිද්ධව සිය පරපුරේ ජේෂ්ඨයන්ගේ අඩිපාරේ යමින් කෙටි කලක් තුළ විනයගරුකව හා ක්‍රමානුකූලව පෙළපාලිවල ගමන් කිරීමටත් ආචාර සමාචාර දැක්වීමටත් පුරුදු වූ සිවුවන කණ්ඩුල, බළඇණිය තුළ සිය අභිමානය රදවා ගනිමින් මංගල හස්තියා ලෙසින් තමන්ට පැවරුණු වගකීම් මැනවින් ඉටු කිරීමට සමත් විය.

වයස අවුරුදු තුනක් තරම් ඉතා ලාබාල වියේදීම හමුදා සේවයට සම්ප්‍රාප්ත වූ මේ සුරතලා අභිමානවත් මෙහෙවරකින් අනතුරුව වසර 09 ක පමණ නිල සේවා කාලයක් යුධ හමුදාව තුළ සපුරාලමින් වර්ෂ 1993. 08. 11 වන දින පැවැත්වුණු සමුදීමේ පෙළපාලියකින් පසු නැවතත් පින්නවල අලි අනාථාගාරය වෙත භාර කෙරිණි.


එතෙක් කලක් පින්නවල අලි රැදවුම් මධ්‍යස්ථානය තුළ කල් ගත කරන වීරා ඉන් අනතුරුව වර්ෂ 2013 දි එවකට කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති කදුබොඩ අමරඥාණ නායක මාහිමිපාණන් වහන්සේගේ සමයේ කනංගම නාරද ස්වාමීන් වහන්සේගේ දැඩි කැපවීම හා උත්සහය මත උන්වහන්සේගේ ඉල්ලීමකට අනුව එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ අමාත්‍ය වරයෙකු වූ විමල් වීරවංශ මහතා විසින් කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ විහාරස්ථානය වෙත අපේ කණ්ඩුල වීරාව පූජා කරනු ලැබිණි.

එවකට බොහොම සැර පරුෂ ගති ස්වභාවකින් යුක්ත වූවත් අද වන විට හස්තිපාලකතුමන්ගේ හස්ත සංඥාවට පවා කීකරුව දිවයිනේ සෑම පෙරහැර මංගල්‍යයක්ම අලංකාර කරන්නට තරම් භාග්‍යවන්ත වන වීරා මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයට නැතිවම බැරි හස්තියෙකි.

එසේම කඩුවෙල සංඛපිට්ඨි විහාරස්ථානයේ සර්වඥ ධාතු පූජා පෙරහැර , රංකඩු පත්තිනි දේවාලස්ථ පෙරහැර , ලංකාතිලකය , නවගමුව , කොරතොට , කබුළුමුල්ල , කෝට්ටේ රාජමහා විහාරය , බෙල්ලන්විල රාජමහා විහාරය ඇතුළු පෙරහැර මංගල්‍යයන් විශාල සංඛ්‍යාවක් සඳහා මේ වන විට සහභාගී තම දායකත්වය දක්වයි.

දෙසැම්බර් – අප්‍රේල් අතර කාලය තුළ සිය වාර්ෂික මද සමය ගත කරන වීරා වර්තමානයේ දී විහාරස්ථානයේ විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදි කනංගම නාරද පණ්ඩිත හාමුදුරුවන්ගේ හා විහාරාධිකාරි ශාස්ත්‍රපති මාදන්වල රාහුල පොඩි හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේත් ගම්වාසීන්ගේත් රැකවරණය මත ඉතාමත් සුවසේ කල් ගත කරනු ලබයි.

ඉතින් එසේ එදා මැණික් පතලකට වැටී අතරමංව සිටි මේ අලි පැටවා අද වන විට සංඛපිට්ඨියට පමණක් නොව මුළු මහත් පෙරහැර සංස්කෘතියටම මිල කල නොහැකි මාණික්‍යක්

Tusker Kandula

yevldr lKavq, jSrd