හේවාගම් කෝරළයේ පිහිටි සංඛපිට්ඨි පුරාණ විහාරය ඓතිහාසික හා ආගමික වටිනාකම් වලින් විශිෂ්ට පුණ්‍ය භූමියකි. “සංඛපිට්ඨි” නාමය “හක්පිටිය” යන පාලි පදයෙන් උද්භව වූ බව විශ්වාස කෙරේ.
19 වන සියවස මුල් භාගයේදී අත්ථදස්සී හිමියන් විසින් විහාරය ආරම්භ කර, ධාතුන් වහන්සේ 14 නමක් මෙතැන්ට වඩමවා ගෙන ආ බව සඳහන් වේ. විහාරයේ පැරණි සිතුවම් හා පිළිම කෝට්ටේ යුගයට අයත් බව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව තහවුරු කර ඇත.
අත්ථදස්සී හිමියන් සිට අද පූජ්‍ය කනංගම නාරද හිමියන් දක්වා අධිපති පරම්පරාව දිග හැරෙයි. විහාරයට අයත් ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසලේ ශිෂ්‍යයින් 500කට වැඩි සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන අතර, උගත් ගුරු මණ්ඩලයක් මඟින් එය සාර්ථකව පවත්වාගෙන යයි.












මෙවර බස්නාහිර පළාතේ ප්‍රථම ඇසළ පෙරහර ලෙස පැවැත්වුණේ කඩුවෙල ශ්‍රී සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරයේ 182 වන වාර්ෂික ධාතු පූජා ඇසළ මහා පෙරහරයයි. ක්‍රි.ව. 1848 දී විහාරාධිපති හක්පිටියේ අත්ථදස්සී හිමිපාණන්ගේ සමයේ අරඹා ඇති මෙම පෙරහර කිසිවිටෙක නවතා නොදමා අඛණ්ඩව පවත්වා ඇත.
උඩරට කැරැල්ල සමයේදී දළදා වහන්සේ කෝට්ටේ රාජධානියට රැගෙන එද්දී මෙම විහාර භූමියේ රැඳී සිටි බවත්, එය විහාරයේ ඉතිහාසයට විශේෂ අරුතක් ඇති කර ඇති බවත් විශ්වාස කෙරේ.
“සංඛපිට්ඨි” නාමය “හක්පිටිය” යන පාලි පදයෙන් ආරම්භ වී ඇති අතර, විහාර භූමියේ හැඩතල අනුව එම නාමය ලබා ඇති බව ද කියා ඇත. ක්‍රි.ව. 1843 දී දළදා පූජෝපහාර පිණිස මෙම පෙරහර ආරම්භ වූ බව වංශකතාවෙහි සඳහන්ය.
කප් සිටුවීමක් නොවන මෙය වසරෙන් වසර ධාතු පූජාවක් ලෙස පැවැත්වේ. මෑත කාලයේදී දේවතා ප්‍රතිමා සහ ඇතුන් සමඟ පෙරහර සංවිධානය කර ඇත. විහාරය තුළ සර්වඥ ධාතුන් වහන්සේලා දහතුන් නමක් සිටින බවත්, එය විශාල ආශීර්වාදයක් බවත් ජනතාව විශ්වාස කරති.
පසුගිය වසරවලදී විහාරයේ දී ධාතු ප්‍රදර්ශන පැවැත් වූ අතර, වර්තමාන විහාරාධිපති පූජ්‍ය කනංගම නාරද හාමුදුරුවන්ගේ මඟපෙන්වීමෙන් දායක සභාව, කුලඟන සමිතිය, දහම් පාසල සහ කඩුවෙල ව්‍යාපාරික සංගමය ආදියගේ සහයෝගයෙන් මේ වසරේද පෙරහර උත්කර්ෂවත් ලෙස පැවැත්වීය.
විහාරස්ථ භාරකාර මණ්ඩලය විහාරස්ථානයේ අරමුදල කළමනාකරණය විහාරස්ථානය නඩත්තුව ,පෙරහැර පැවැත්වීම , ආගමික හා සමාජීය කටයුතු සංවිධානය, අධ්‍යාපනික හා ප්‍රජා ක්‍රියාකාරකම් සඳහා අරමුදල් කාර්යක්ෂමව භාවිතා කිරීම විහාරස්ථානයේ උරුමය සුරැකීමට එහි චිරස්ථිතිය උදෙසා ක්‍රියා කරයි.
‘කණ්ඩුල’ කියන්නෙ මේ වනවිට හීලෑ අලි ක්ෂේත්‍රය තුළ සිටින කීකරුම , හීලෑම හස්තියෙක් ලෙස සුප්‍රසිද්ධ හස්ති රාජයෙකි.
එහි ගෞරවය අවිවාදයෙන්ම කණ්ඩුලගේ හිටපු හස්තිපාලකතුමන් වන අපේ හේරත් බණ්ඩා හස්තිපාලක තුමා වෙතත් වර්තමානයේ වීරාව රැක බලාගන්නා ඉසුරු හස්තිපාලකතුමා වෙතත් හිමිවිය යුතුයි.
වර්ෂ 1980 දී පමණ ගලහා ප්‍රදේශයේ වනයක් තුළ මැණික් පතලක වැටී අතරමංව සිටියදි ගම්වාසීන්ගේ දැනුම් දීමෙන් අනතුරුව වනජීවී නිළධාරින්ට මුණ ගැසෙන මේ පුංචි අලි පැටවා ඉන් අනතුරුව වන සත්ත්ව නිළධාරීන්ගේ මැදිහත් වීමෙන් පින්නවල අලි අනාථාගාරය වෙත භාර දෙනු ලැබිය.
ඒ වන විට වයස අවුරුදු දෙකක පමණ දඟකාර සුරතලෙකු වූ මේ හස්තියාට ” වීරා” ලෙසින් නම් පටබැදුණු අතර පසුව 1984 වර්ෂයේ දි සම්මාන පෙළපාලියක් පවත්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල රෙජිමේන්තුවේ නිල හස්තියා ලෙසින් පනාගොඩ පාබල හමුදා මූලස්ථානය වෙත පිළිගනු ලැබිණි…
සංඛපිට්ඨි පුරාණ රජ මහා විහාරය පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට හෝ තවත් විමසීම් සඳහා කරුණාකර අප හා සම්බන්ධ වන්න.