මෙවර ඇසළ පෙරහර සය උදාවීමත් සමග බස්නාහිර පළාතේ ප්‍රථමයෙන් පවත්වනු ඇසළ පෙරහර වනුයේ කඩුවෙල ශ්‍රී සංඛපිට්ඨි පුරාණ රජ මහා විහාරයේ වාර්ෂික ධාතු පූජා ඇසළ මහ පෙරයයි. මෙම මහ පෙරහර මෙවර පැවැත්වූයේ 182 වැනි වරටය.
එම දීර්ඝ කාලය තුළදී කිසිදු අවස්ථාවක රට තුළ ඇතිවූ කිනම් හේතුවක් මත හෝ කඩුවෙල මෙම ඇසළ උළෙල නොනවත්වා අඛණ්ඩවීම පවත්වා ඇති බැව් මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුව ඇත.
ක්‍රි.ව 1848 එවකට මෙහි විහාරාධිපතිව වැඩසිටි හක්සිටියේ අත්ථදස්සී මාහිමිපාණන් වහන්සේගේ සමයෙහිදී මෙම පෙරහර අරඹා ඇති බැව් මෙහි අතීත තොරතුරු මත
හෙළිවෙයි. ඒ අනුව මෙම ධාතු පූජා ඇසළ මහ පෙරහරට ඇත්තේ මහත් අගයකි. කඩුවෙල ප්‍රදේශයේ ඊට සමීපව ඇති රන්කඩු පත්තිනි දෙවොල, කොරතොට දෙවොල නවගමුව පත්තිනි මෑණි දෙවොල ආදී පූජනීය ස්ථාන හා දේව කෙළි පැවැත්වෙන සිද්ධස්ථානයන්හිද ඇසළට හැර දේව පූජා මංගල්‍ය පැවැත්වෙන අරංගල (වරංගල) දෙවොල ආදී තැන් පිළිබඳව සලකන කල්හි කඩුවෙල ප්‍රදේශය කරම් මෙවැනි පූජා මංගල්‍යයන් පැවැත්වෙන තවත් ප්‍රදේශයක් ඇති දැයි කිව නොහැකි තරමිය.
කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි විහාරයේ ධාතු පූජා ඇසළ මහා පෙරහර පිළිබඳව සඳහන් කිරීමේදී ඇති වැදගත් කරුණකි, එනම් උඩරට කැරැල්ල පැවැති සමයේදී දළදා වහන්සේ රැක ගැනීම පිණිස කෝට්ටේ රාජධානිය කරා රැගෙන එන ලදී. එම අවස්ථාවේදී අතරමග රෑ බෝවීම නිසා මෙම විහාරය පවතිත භූමියේ එක් රැයක් රැදී සිටීමට සිදුව ඇත. සංඝපිට විහාරය පිහිටා ඇති ස්ථානය එතැන බැවින් මෙම විහාරය පිළිබඳවක් මෙහි පෙරහර පිළිබඳවත් පවතින මුඛ පරම්පරාගත අතීක තතෘවලින් ඒ බැව් හෙළි වෙති.
“හක්පිටිය” යනුවෙන් මෙම භූමිය හඳුන්වමින් හක් යන්නට පාලි පදයත් ‘පිටිය’ යන්නට “පිට්ඨි” යන පාලි පදයක් සම්බන්ධ කිරීමෙන් “සංඛපිට්ඨි”’ යන නාමය යෙදුණු බැව් එක් මතයකි.
හක්ගෙඩියේ මතුපිට හැඩයෙන් යුතුව මෙම විහාර භූමින පිහියා ඇති බැවින් “සංඛපිට්ඨි” යන නාමය යොදා ඇති බව තවත් මතයකි. කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි විහාරයේ ධාතු පූජා ඇසළ මහ පෙරහර දැනට වසර එකසිය හැට අටකට පෙරදී මේ අනුව පෙරකී සිද්ධිය මුල්කර ගනිමින් ක්‍රිව 1843දී දළදා පූජෝපහාර පිණිස මෙම පෙරහර අරඹන ලද බැව් මෙහි වංශකතාව අනුව හෙළිවෙයි.
කඩුවෙල ජනතාවටත් මුළුරටටත් ශක්තිය පතා දළදා පූජෝපහාර සලකාගෙන ධාතු පුජා ඇසළ හෝ පෙරහර පැවැත්වීම වාර්ෂිකව සිදුකරති.
මේ සදහා වෙනත් ඇසළ පෙරහරවල මෙන් කප් සිටුවීමක් මෙහි සිදු නොකෙරෙයි. එහෙත් මෑත කාලයේ සිටම මෙම පෙරහරට දෑ දෙවියන් සහභාගී කරගනු වස් ඇතුන් පිට රන්සිවිගේ මත දේවතා ප්‍රතිමා තැන්පත් කර පෙරහැරෙහි වීථි සංචාරය කර තිබේ.
විහාරය තුල සර්වඥ ධාතුන් වහන්සේලා දහතුන් නමක් වඩා හිඳවා ඇත. එයද මෙම පුණ්‍යස්ථානයට මහත් ආශිර්වාදයක්වී ඇති බැව් බොහෝ දෙනා තුළ පවතික විශ්වාසයකි. මුල් කාලයේදී සර්වඥ ධාතුන් වහන්සේලා දෙනමක් මෙහි වැඩ සිට ඇත. පසු කලෙක තවත් යාතුන් වහන්සේලා පනයක් ලැබී ඇත. එය ආශ්චර්යයක් සිදුවිමක් මත ලැබුණු බවක් ද පැවසෙයි.
මෙහිදී හතළිස් වසරකට පෙරදි ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් පවත්ව ඇත. මෙහි වහාරාධිපතිව වැඩ සිටි පෝරේ ගෙදර ධම්මපාල නාහිමිපාණන්ගේ යුගයෙහිදීය. මේ හැර මෑත කාලයේදී හතළිස්පස් වසරකට පසුව 2011 දී ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සිහිපත් කරමින් පෙරහර සමයේදී ධාතු පුදර්ශනයක් කරන ලදී.
වර්තමාන විහාරාධිපති පූජ්‍ය කනංගම නාරද මා හිමිපාණ්න්ගේද, රාහුල හිමියන් අතුළු විහාරවාසී පොඩි හාමුදුරුවන් වහන්සේගේද අවවාද අනුශාසනා මත දායක සභාවේ සහ පෙරහර කමිටුවේ සභාපති ප්‍රධාන දායක සභාව ප්‍රධානව, කුලඟන සමිතිය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසල සහ විස්ඩම් ඉංග්‍රීසි දහම් පාසල ආදී සංවිධානයන් ද ඇප කැපවී උනන්දුවෙන් යුතුව කටයුතු කිරිමත් දායක ගම් වැසියන්ගේ සහ කඩුවෙල ව්‍යාපාරික සංගමයේ ද අනුග්රහයන් සහයෝගයක් ආධාර උපකාර හා උනන්දුව මත මෙවරද සංඛපිට්ඨ විහාරයේ ශ්‍රී ධාතු පූජා ඇසළ මහා පෙරහර ඉතා උත්කර්ෂවත් ලෙස සෑම වසරකම අති උත්කර්ශවත් ලෙස පැවැත්වේ.
Join our supportive community in heart-centered Prayer Circles to cultivate connection, healing, and unity.
Immerse yourself in the teachings and wisdom of the Buddha through our enlightening workshops.
Dive into the harmonious balance of Yin and Yang energies through our specialized sessions.
Engage in the ancient practice of Hand Sign Meditation to enhance focus, concentration, and awareness.
Immerse yourself in the symbolic beauty of the lotus flower during our guided meditation sessions.
Embark on a sacred pilgrimage of the soul with our Temple Retreats to revered Buddhist temples.
Awaken your senses and cultivate present-moment awareness through our Bell Mindfulness Sessions.
Elevate your space with the soothing aroma and sacred blessings of our handcrafted scent sticks.