සංඛපිට්ථි පුරාන විහාරය රජ මහා විහාරය

Edit Template
Chief Custodian

jsydrdOsm;s mQcH lkx.u kdro ysus

කොළඹ දිස්ත්‍රික්කයේ ඓතිහාසික විහාරස්ථාන අතරට ගැණෙන කඩුවෙල සංඛපිට්ඨි විහාරය වසර 400 කටත් වැඩි ඉතිහාසයකට උරුමකම් කියන අමරපුර සද්ධම්මයුක්තික නිකායට අයත් විහාරස්ථානයකි.

වර්තමාන විහාරාධිපති තක්ෂිලා මහා පිරිවෙනේ පරිවේණාධිපති විස්ඩම් ඉංග්‍රීසි දහම් පාසලේ ප්‍රධානාචාර්ය ජනහිතකාමී, ශාසන සෝභන, සද්ධර්ම කීර්ති, කනංගම නාරද හිමියන්ගේ පින්බර දිවි ගමනේ 57 වෙනි ජන්ම දිනය අගෝස්තු මස 18 දිනට යෙදී තිබේ.

අටුලුගම කනංගම විසූ කේ. එම්. ජිනදාස මහතාට හා කේ. එස්. ඩී. ලීලාවතී දම්පතීන්ට දාව 1968 අගෝස්තු 18 වන දින උපන් කේ. එම්. නාරද ජිනදාස කුමරුවා වැඩිමහලු කුමාර අයියාගේත්, බාල සැම්සන් මල්ලීගේත්, දයාබර සොයුරිය නිරංජලාගේත් ඇසුරේ වැඩුණහ. කනංගම කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන සමයේ තමන්ගේ ඥාති සියා කෙනෙකු වූ කඩුවෙල සංඛපිට්ඨි මහා විහාරාධිපති විනයාචාර්ය පෝරෙගෙදර ධර්මපාල නාහිමියන්ගේ ඉල්ලීමකට අනුව උන්වහන්සේට අයත්ව තිබූ ගොතටුව නව නගරයේ ඥානවිමලාරාම විහාරය වෙත 1978 පැමිණ බණදහම් මනාව අධ්‍යයනය කරන අතරතුර 1980 කඩුවෙල සංඛපිට්ඨි මහා විහාරයේදී උතුම් පැවිදි බව ලැබීය.

Chief Custodian

jsydrdOsldrS udokaj, rdyq,

1998 වර්ෂයේ ඔක්තෝබර් මස 30 වැනි දා මහනුවර ප්‍රදේශයේ දී දිසානායක මුදියන්සේලාගේ සෙනවිරත්න බණ්ඩාර දිසානායක සහ දිසානායක මුදියන්සේලාගේ පද්මිණි දිසානායක යන දම්පතීන්ට උපත ලද නිවුන් දරුවන්ගෙන් චානුක කුමාර දිසානායක ලෙස නම් තැබුණේ දරුවන් සිව්දෙනෙකුගෙන් යුතු පවුලේ තෙවැන්නා ලෙසට ය.


හඟුරන්කෙත සී.සී. විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ආරාම්භ කළ අතර ,පැවිදි වීමට ඇති දැඩි කැමැත්ත මත දෙමව්පියන්ගේ අවසරය ඇතිව කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි විහාරස්ථානයේ දී 2011 ක් වූ ඔක්තෝබර් මස 22 වැනි දින ” මාදන්වල රාහුල” නමින් පැවිදි දිවියට ඇතුළත් වූයේ පූජ්‍ය කඳුබොඩ අමරඤාණ ,පූජ්‍ය කනංගම නාරද ,පූජ්‍ය මහර ධම්මදස්සී යන හිමිවරුන් යටතේ දී ය.

පැවිදි දිවියට ඇතුළත් වීමෙන් අනතුරුව 2012 වර්ෂයේ සිට 2015 වර්ෂය තෙක් මාදන්වල ධර්මෝදය මහ පිරිවෙනෙන් ශාස්ත්‍ර ඥානය ලබාගත් රාහුල හිමියෝ පසුකාලීනව කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි විහාරස්ථානයේ ඇති තක්ෂිලා මහ පිරිවෙනෙන් වැඩිදුර ශාස්ත්‍ර ඥානය ලබා ගත්හ.

 

මේ අතරතුර දී මූලික පිරිවෙන් විභාගය,ප්‍රාචීන විභාගය සහ අ.පො.ස උසස් පෙළ විභාගය සමත් වීමට උන් වහන්සේට හැකි විය.

අ.පො.ස උසස් පෙළ විභාගය සමත් වීමෙන් පසු 2021 වර්ෂයේ සරසවි වරම් හිමිකරගන්නා අතර හෝමාගම පිටිපන ප්‍රදේශයේ පිහිටි බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර මේ වන විට සිංහල භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය හදාරා ඇත.

ඉන් නොනැවතුනු උන් වහන්සේ කැළණිය විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යනාංශයේ දෙමළ භාෂාව පිළිබඳ ඩිප්ලෝමාවක් සහ IMBS Green University හි මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරාමින් සිටී.
British way English Academy හි ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් ද උන්වහන්සේ සම්පූර්ණ කොට ඇත.

වර්ෂ 2017 ක් වූ ජුනි මස 18 වැනි දින සිටි රාහුල හිමියෝ කළුතර උදකුක්ඛේප සීමා මාලකයේ දී උතුම් අධිශීල සංඛ්‍යාත ශික්ෂාපද පුරමින් අමරපුර සද්ධම්මවංශික මහා නිකායේ උපසම්පදාව ලැබූහ.

උපසම්පදාව ලැබීමෙන් අනතුරුව සංඛපිට්ඨි විහාරස්ථානයේ විහාරාධිකාරී ස්වාමීන් වහන්සේ ලෙස කටයුතු කරමින් දායක හිතෛශීන් වෙත අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරන රාහුල හිමියන් විහාරස්ථ ශ්‍රී සම්බුද්ධ ජයන්ති පාසලේ හා විස්ඩම් ඉංග්‍රීසි දහම් පාසලේ ප්‍රධානාර්චාර්ය හිමි වශයෙන් ද විහාරස්ථ තක්ෂිලා මහ පිරිවෙනෙහි පරිවෙණාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කරනු ලබයි.

Chief Custodian

jsydrdia; Ndrldr uKav,h

Meet the compassionate souls who form the backbone of our beloved Lotus Sanctuary. United by a shared commitment to service, wisdom, and compassion.

Zen Harmony

Finding Balance, Presence, and Joy Through the Practice of Zen Buddhism.

Buddhist Wisdom

Journeying Through the Teachings of Buddha to Discover Inner Peace, and Compassion.