ශ්‍රී ලාංකේය වංශකතාව තුළ මහත් වූ ගාම්භීරත්වයෙන් ඉස්මතු වන ඓතිහාසික වටිනාකම් වලින් අනූන හේවාගම් කෝරළයේ කැළණි නදිය අසබඩ පල්ලේ පත්තුවට අයත් කඩුවෙල කොතලාවල ග්‍රාමයේ මනරම් වූ භූමි භාගයක සංඛපිට්ඨි පුරාණ විහාරස්ථානය පිහිටා ඇත.
ජනප්‍රවාදයේ සඳහන් පරිදි ” හක්පිටිය ” යන පාලි අදහස මූලික කරගනිමින් ” හක් ” යන්නට ” සංඛ ” යන පදයත් ” පිටිය ” යන්නට ” පිට්ඨි ” යන පදයත් ඒකාත්මිකව ” සංඛපිට්ඨි ” යනුවෙන් මෙම ඓතිහාසික පුණ්‍ය භූමිය ව්‍යවහාර වෙයි.
මෙහි මුල් යුගය පිළිබඳව අදහසක් හෝ ලබා ගැනීමට තොරතුරු , සාක්ෂි සාධක ප්‍රමාණවත් තරම් හෙළිව නැතත් 19 වන සියවස මැද භාගයේ එනම් කෝට්ටේ යුගය අග භාගයේ දි හෝ මහනුවර යුගය මුල් භාගයේ දි සංඛපිට්ඨි වෙහෙර ඇරඹෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඒ අනුව හක්පිටියේ අත්ථදස්සී තෙරුන්ගේ අවධියේ සිට මෙහි ඉතිහාසය දිග හැරෙයි.
මෙරට රාජාවලිය ගත් කල මහනුවර යුගයේ අග භාගයේ දි මෙරට රාජ්‍යය පාලනය කල ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජ සභාවේ මහා අධිකාරම් වූ ඇහැළේපොළ තමාට විරුද්ධව ගෙන ගිය කුමන්ත්‍රණයක් පිළිබඳව තොරතුරු සැලවීමෙන් අනතුරුව ඇහැළේපොළ පරපුරම සමූල ඝාතනය කිරීමට රාජ ආඥාවක් නිකුත් කර ඇත. ඉන් තම දිවි ගලවා ගැනීම පිණිස ඇහැළේපොළ පරපුරේ ලේ ඥාතීන් සියල්ලම ආරක්ෂාව පතා රටේ සතරදිග්භාගයට පලා ගොස් ඇත.
එසේ පලාගිය ප්‍රභූන් දෙදෙනෙක් දකුණට පැමිණ බොල්ලෑගල පිහිටි ගල් ගුහාවක සැඟව සිට තම ප්‍රාණයන් ආරක්ෂා කරගනිමින් දිවි ගෙවා ඇති අතර තර්ජන පහව ගිය පසු එක් අයෙක් ” හක්පිටියේ අත්ථදස්සී ” නමින් පැවිදි මඟට පිවිස ඇත. එසේ පැවිදි වූ හක්පිටියේ අත්ථදස්සී හිමියන් බියගම ග්‍රාමයේ වැඩවසා ඇති අතර කැළණි නදියෙන් වෙන්ව පැවතුණු අවට පැරණි විහාරස්ථාන සමඟ මනා සම්බන්ධතාවක් පවත්වා ඇත. ඒ ඇවෑමෙන් එවකට මෙම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ අපවත් වීමෙන් අනතුරුව මෙහි විහාරාධිපති ධූරය හක්පිටියේ අත්ථදස්සී හිමියන් වෙත පැවරී ඇති බව සඳහන් වේ.
ඒත් සමඟම සංඛපිට්ඨි යන නාමය කඩුවෙල පන්සලට ව්‍යවහාර වන්නට පටන්ගෙන ඇති අතර උන්වහන්සේගේ කාල වකවානුව තුළ විහාරස්ථානය තුළ බෞද්ධයන් වෙනුවෙන් පැවතිය යුතු බොහෝ විහාරාංග නිර්මාණය කරන්නට යෙදුණු අතර මාවනැල්ල ප්‍රදේශයෙන් නිධානයකින් හමු වූ දඹරන් කරඩුවක් තුළ නිධන් ගතව තිබූ උතුම් වූ සර්වඥ ධාතුන් වහන්සේ 14 නමක් ද අප සංඛපිට්ඨි විහාරස්ථානය වෙත වඩමවා ධාතුන් වහන්සේ ආරක්ෂිතව වන්දනාමාන කිරීමට අවශ්‍ය ආරක්ෂිත මණ්ඩපයක් ද නිර්මාණය කරන්නට යෙදුණි. එය බොහෝ සෙයින් ඇම්බැක්කේ ලී කැටයම් වලට සමාන ඉතා සියුම් හා අත්‍යාලංකාරවත් වූ ලියකම් වලින් අනූන නිර්මාණයක් වීමම මෙහි ඇති පෞරාණිකත්වය මොනවට පිළිඹිබු කෙරෙන තවත් සුවිශේෂීම කරුණකි.
එසේම සංඛපිට්ඨි පුරාණ විහාරස්ථානය පිළිබඳව තොරතුරු අධ්‍යනය කිරීමේ දි කිව යුතුම කරුණක් ලෙසින් සඳහන් කල යුත්තක් වන මෙහි වන පැරණි බුද්ධ මන්දිරය තුළ ඇති පෞරාණික සිතුවම් හා පිළිම වහන්සේලා , කෝට්ටේ යුගයට අයත් වන බව පුරාවිද්‍යාඥයින් විසින් තහවුරු කොට සහතික කරන ලද්දකි. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව යටතේ වර්තමානය වනවිට මෙම පැරණි බුදු මැඳුර සංරක්ෂණය කොට ඇත.
කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ විහාරස්ථානයේ ඓතිහාසික බව තහවුරු කල හැකි එකම ලිඛිත සාධකය නම් වර්ෂ 1823 දී විහාරස්ථානයේ අධිපතීත්වය හක්පිටියේ අත්ථදස්සී හිමියන් විසින් බටුගෙදර ඥානාලංකාර හිමියන් වෙත පැවරීමට අදාලව පවතින ලිපියයි. බටුගෙදර ඥානාලංකාර හිමියන් විහාරාධිපතීත්වය දරණ සමයේ සංඛපිට්ඨි විහාරය , ” බටුගෙදර පන්සල ” යන නමින් ද ව්‍යවහාරව ප්‍රසිද්ධව තිබී ඇත. බටුගෙදර ඥානාලංකාර නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය හිමිවරුන් වශයෙන් පාදුක්කේ ජිනවංශ හිමියන් හා බටුගෙදර ජිනානන්ද හිමියන් වැඩ වාසය කොට ඇති අතර ඔවුන් වර්ෂ 1886 දි උපසම්පදා වී ඇති බව සඳහන් වේ.

ඒ අනුව බටුගෙදර ඥානාලංකාර හිමියන්ගේ ඇවෑමෙන් වර්ෂ 1888 දී උන්වහන්සේගේම ශිෂ්‍ය හිමි නමක් වූ පාදුක්කේ ජිනවංශ හිමියන් සංඛපිට්ඨි පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ධූරයට පත්ව ඇත. මේ අතර වෙහෙරෙහි විසූ බටුගෙදර ඥානාලංකාර හිමියන්ගේ අනෙක් ශිෂ්‍ය හිමිනම වූ බටුගෙදර ජිනානන්ද හිමියන් ක්‍රි. ව. 1900 දී අපවත් වී වදාළ බව සඳහන් ය.
මෙතැන් පටන් විහාර පරම්පරාව ගත් කළ පාදුක්කේ ජිනවංශ හිමියන්ට පෝරෙගෙදර ධර්මපාල , කඩුවෙල ධම්මානන්ද , කඩුවෙල බුද්ධානන්ද , මුල්ලේරියාවේ ඤානාලංකාර , කොතලාවල සංකිච්චි හා හේවාගම අත්ථදස්සී නමින් ශිෂ්‍ය හිමිවරුන් 06 නමක් විහාරස්ථානයේ වැඩ වාසය කොට ඇත. මින් පෝරෙගෙදර ධර්මපාල හිමියන් විද්‍යෝදය පිරිවෙනෙන් විනයාචාර්‍ය උපාධියක් ලබා පාදුක්කේ ජිනවංශ හිමියන්ගේ අපවත් වීමෙන් පසු උන්වහන්සේගේ ඇවෑමෙන් විහාරාධිපති ධූරයට පත්ව ඇත. පෝරෙගෙදර ධර්මපාල හිමියන්ට කඳුබොඩ අමරඥාන හා කනංගම නාරද නමින් ශිෂ්‍ය හිමිවරුන් දෙනමක් වූ අතර වර්ෂ 1986 පෙබරවාරි මස 27 වන දින ධර්මපාල හිමියන්ගේ අපවත් වීමෙන් පසු කඳුබොඩ අමරඥාන හිමියන් විහාරස්ථානයේ අධිපතීත්වයට පත්වන ලදී. වසර 102 ක් පුරා ආයු වැළඳූ අමරඥාන හිමියන් වර්ෂ 2022 ක් වූ මාර්තු මස 14 වන දින කීර්තිශේෂභාවෝපගත වන්නට යෙදුණි. එතැන් පටන් අද දක්වාම කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ විහාරස්ථානයේ විහාරාධිපතීත්වය කනංගම නාරද හිමිපාණන් වහන්සේ විසින් උසුලන අතර උන්වහන්සේගේ ශිෂ්‍ය හිමිනමක් වන මාදන්වල රාහුල හිමිපාණන් වහන්සේ විසින් විහාරස්ථානයේ විහාරාධිකාරි තනතුරෙහි කටයුතු කරනු ලබයි.
අපවත් වී වදාළ පූජ්‍ය කඳුබොඩ අමරඥාන හිමි
වර්ෂ 1986 පෙබරවාරි 27 වන දින එවකට විහාරාධිපතිව වැඩ විසූ පෝරෙගෙදර ධර්මපාල හිමියන්ගේ අපවත් වීමෙන් පසු ශාස්ත්‍රවේදි පූජ්‍ය කඳුබොඩ අමරඥාන හිමියන් විහාරස්ථානයේ අධිපතීත්වයට පත්වන ලදී. සියනෑ හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක ධූරය ද බස්නාහිර පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරය ද හොබවමින් කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ විහාරස්ථානය හා ගොතටුව ශ්‍රී ඥානවිමලාරාමය යන උභය මහා විහාරාධිපති ලෙසත් ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසලේ ප්‍රධානාචාර්‍ය හිමියන් ලෙසත් වැඩ විසූ කඳුබොඩ අමරඥානාභිදාන නායක මාහිමිපාණන් වහන්සේ වර්ෂ 2022 ක් වූ මැදින් මස 14 වන දින අපවත් වී වදාළ සේක.
අමරඥාන හිමියන්ගේ අපවත් වීමේන් පසු විහාරාධිපති ධූරයට පත් තක්ෂිලා මහා පිරිවෙනේ පරිවේණාධිපති , විස්ඩම් ඉංග්‍රීසි දහම් පාසලේ ප්‍රධානාචාර්‍ය ගෞරව ශාස්ත්‍රවේදි කනංගම නාරද හිමිපාණන් වහන්සේ මේ වන විට ප්‍රදේශයේ ආගමික , ශාසනික වශයෙන් සුවිසල් කාර්යභාරයක් ඉටු කරමින් විහාරස්ථානයේ අභිවෘද්ධිය උදෙසා මහත් පරිශ්‍රමයක් දරමින් කටයුතු කරයි. නාරද හිමියන් සතු අත්දැකීම්
සමුදාය තුළින් හා උන්වහන්සේ තුළ පවතින් දැනුම් සම්භාරය ප්‍රයෝජනයට ගනිමින් මේ වනවිට ගමටත් රටටත් විහාරස්ථානය තුළින් අඟනා සේවාවන් රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතී.
කනංගම නාරද හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් වන මාදන්වල රාහුල පොඩි හාමුදුරුවන් වහන්සේ විසින් වර්තමානය වනවිට සංඛපිට්ඨි පුරාණ විහාරස්ථ විහාරාධිකාරි තනතුරෙහි කටයුතු කරමින් නාරද ස්වාමින් වහන්සේගේ කටයුතු වලට මනා පිටුවහලක් වෙමින් උන්වහන්සේට සුවිසල් ශක්තියක්ව දායක පිංවතුන් හා ගම්වාසින් සමඟ කුළුපඟ සම්බන්ධතාවක් පවත්වා ගනිමින් විහාරස්ථානයේ දියුණුවටත් ගමේ දියුණුවටත් උර දෙමින් කටයුතු කරනු ලබයි. එසේම ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසලේ ප්‍රධානාචාර්‍ය හිමියන් වශයෙන් කටයුතු සිදු කරන රාහුල හිමියන්ගේ මඟපෙන්වීම යටතේ සිසුන් 500කට අධික සංඛ්‍යාවක් දහම් අධ්‍යාපනය ලබන අතර ඔවුන්ගේ නෙත්සිත් නැණ පහන් දල්වන්නට ගිහි පැවිදි ස්වේච්ඡා ගුරු මණ්ඩලය 40කට ආසන්න සංඛ්‍යාවක් කටයුතු සිදු කරනු ලබයි. වාර්ෂිකව පවත්වන ශාසනාරක්ශක බලමණ්ඩල තරඟ වලිනුත් වෙනත් සුවිශේෂී තරඟාවලි වලිනුත් කැපී පෙනෙන ඉහළම දස්කම් දක්වන්නට සම්බුද්ධ ජයන්තියේ දුවා දරුවන්ට හැකි වී ඇති බව නිහතමානී ආඩම්බරයකින් යුතුව සිහිපත් කරනු කැමැත්තෙමි.
Step into a timeless realm where the path to enlightenment unfolds, guiding you towards profound insight, boundless compassion, and lasting inner peace.
Immerse yourself in the symbolic beauty of the lotus flower during our guided meditation sessions.
Embark on a sacred pilgrimage of the soul with our Temple Retreats to revered Buddhist temples.
Awaken your senses and cultivate present-moment awareness through our Bell Mindfulness Sessions.
Elevate your space with the soothing aroma and sacred blessings of our handcrafted scent sticks.
Explore a variety of meditation practices tailored to suit practitioners of all levels. From guided sessions to silent contemplation, each practice offers a pathway to deeper self-awareness.
Step through our doors and leave the stresses of the outside world behind. Here, amidst the calming ambiance of our sacred space, you'll find respite from the noise and chaos of modern life.
කඩුවෙල නගරාසන්නයේ ඇති ඓතිහාසික සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරය ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන පූජනීය භූමියකි. එම භූමියට නීත්‍යානුකූල රජයේ පිළිගැනීමත් පූජනීයත්වයෙන් පූජනීයත්වයට පත් කරමින් ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික ස්මජාවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ සහභාගීත්වයෙන් විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර, සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම 2025 අගෝස්තු මස 18 වැනි දින කඩුවෙල සංඛපිට්ඨි පුරාණ රජ මහා විහාරස්ථ ධර්මශාලාවේදී සිදු විය .
පූජා භූමියක් ලෙස ප්‍රකාශනයට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය විසින් කඩුවෙල සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථාධිපති, තක්ශිලා මහා පිරිවෙන් පරිවෙනාධිපති, කොළඹ දිස්ත්‍රික් පිරිවෙන් පරිවෙනාධිපති සංගමයේ ගරු භාණ්ඩාගාරික ජනහිතකාමී ශාසන සෝබන සද්ධර්ම කීර්ති ශ්‍රී ගෞරව ශාස්ත්‍රපති පූජ්‍ය කනංගම නාරද නායක ස්වාමින් වහන්සේ වෙත පිරිනමනු ලබන්නේ උන්වහන්සේගේ 57 වෙනි ජන්ම දිනයේදී වීම අතිශයින් වැදගත් වේ.
කොළඹ දිස්ත්‍රික්කයේ අටසීයකට ආසන්න පූජනීය ස්ථාන ඇති මුත් පූජාභූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ ස්ථාන හතක් පමණක් වන අතර අටවන ස්ථානය ලෙසත් , සමස්ථ ලංකාවේම එකසිය තුන්වෙනිය(103) පූජා භූමිය ලෙසත් අප විහාස්ථානය ප්‍ර්කාශය පත් කෙරුණි.
ඓතිහාසික වටිනාකමින් යුත් විහාරස්ථාන දේවාල පූජා භූමියක් බවට පත් කිරීමේන් අනතුරුව පූජා භූමිය තුල කුමන හෝ සැලසුම් කීරීම, ක්‍රියාත්මක කිරීම හා නඩත්තු කිරීමේ තීරණ ගැනීමේදි සාම්ප්‍රදායිකව දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලබන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බලය පමුණුවා ඇති බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝශනය කිරීමේ ප්‍රතිපාදන අනුව කරයුතු කරනු ලබයි.
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේත්, පූජා භූමි සැලසුම් කාර්‍යාලයේත්, ජාතික උරුම කාර්‍යාලයේත් පූර්ණ අධීක්ෂණය යටතේ රැස් කරගන්නා තොරතුරු ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින් අධ්‍යනය කර ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව නවීකරණ හෝ නඩත්තු කිරීම් පිලිබද තීර්ණ ගනු ලබයි. එහීදී පුරාවිද්‍යාත්මක වටිනාකම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇත.
අභිනව පූජාභූමියක් බවට පත් වූ ඓතිහාසික සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථානය හුදී ජනයාගේ පහන් සංවේගය නිවන මහා පහන් ටැඹක් වේවා!!
විහාරස්ථ භාරකාර මණ්ඩලය විහාරස්ථානයේ අරමුදල කළමනාකරණය විහාරස්ථානය නඩත්තුව ,පෙරහැර පැවැත්වීම , ආගමික හා සමාජීය කටයුතු සංවිධානය, අධ්‍යාපනික හා ප්‍රජා ක්‍රියාකාරකම් සඳහා අරමුදල් කාර්යක්ෂමව භාවිතා කිරීම විහාරස්ථානයේ උරුමය සුරැකීමට එහි චිරස්ථිතිය උදෙසා ක්‍රියා කරයි.